හෙට උතුර,උතුරු මැද,නැගෙනහිර,මධ්‍යම,වයඹ සහ ඌව පළාත්වලට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණයෙන් අනාවැකි

හෙට උතුර,උතුරු මැද,නැගෙනහිර,මධ්‍යම,වයඹ සහ ඌව පළාත්වලට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණයෙන් අනාවැකි

හෙට දිනයේ උතුර,උතුරු මැද,නැගෙනහිර,මධ්‍යම,වයඹ සහ ඌව පළාත්වලට විටින් විට හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ හෙට ප.ව. 1.00 න් පසුව දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

මෙම වැසි ඇතැම් ස්ථානවලට මි.මී. 50 තරමක් වැඩි වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ නිවේදනයේ සඳහන්.

උතුර,උතුරු මැද සහ වයඹ පළාත්වලත් , ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට පැ.කි.මී. 30 -40 ත් අතර තරමක් තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ නිවේදනයේ දැක් වෙනවා.

එම නිවේදනයෙන් දැනු දෙන්නේ සබරගමුව,මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි.

 

Share This