
1995 – වන සුරැකුම මහජන පැමිණි කෙටි දුරකතන අංකයට දින 10 ක් තුල ඇමැතුම් 500 ක් -පැමිණිලි 53 ක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන
පරිසර අමාත්‍යංශයේ “වනස්පති” වැඩසටහන තුලින් හදුන්වාදුන් “වනසුරැකුම, මධ්‍යස්ථානයේ 1995 කෙටි දුරකතන අංකයට ඇමැතුම් 500 කට වැඩි ප්‍රමාණයක් ලැබි තිබෙනවා.
අමාත්‍යාංශය පවසන්නේ ලැබි ඇති අමැතුම් අතර පරිසර හානි සම්බන්ධව නොවන ඇමැතුම් ද ලැබි ඇති අතර පරිසරයට අදාල පැමිණිළි 61 ක් සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමුව ඇති බවයි.
වන හානි, වන ජිවීන්ට සිදු කරනු ලැබු විවිධ නීතිවිරෝධ ක්‍රියාවන්, කඩොලාන තෙත්බිම් ගොඩකිරීම් සහ වන රක්ෂීත ප්‍රදේශයන් හෙලිපෙහෙළි කිරීම් ඇතුළු සිද්ධීන් රැසකට අදාලව මහජන පැමිණි 1995 කෙටි දුරකතන අංකයට යොමු කර තිබු අතර මේ මස 03 දා සිට අද (12) දහවල් 12.00 දක්වා මහජන පැමිණිලි ඇමැතුම් 61ක් ඊට ලැබි ඇතැයි පරිසර් අමාත්‍යාංශය සඳහන් කළා.
ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් රක්ෂීත වනාන්තර හෙලිපෙහෙළි කිරීම් සහ වන ජිවින්ට අදාල පැමිණිලියි.
මේ දක්වා ලැබි ඇති මුළු පැමිණිලි සංඛ්‍යාවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ වන හානි සම්බන්ධ පැමිණිළි 53 ක් වාර්තා වි තිබෙනවා.
ඉන් පැමිණි 13 කට අදාලව කටයුතු කර ඇත්තේ පරික්ෂණ සිදුකර අධිකරණයට යොමුකර නීතිමය ක්‍රියා මාර්ග ගැනීමටයි.
ඉතිරි පැමිණිළි 40 සදහා පරික්ෂණ අඩවි වනසංරක්ෂණ කාර්යාල මට්ටමින් සිදුකර කඩිනමින් අධිකරණ ක්‍රියා මාර්ගයන් ගැනීමට නියමිත බව අමාත්‍යාංශය පැවසුවා.
පරිසර අමාත්‍යාංශය පවසන්නේ වනජිවි දෙපාර්තමේන්තුවට අදාල පැමිණිළි 08 ක් සම්බන්ධයෙන්ද විමර්ශන අවසන් වු වහාම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටයි.
