2025 මේ දක්වා කාලය තුළ රජයේ අදායම රුපියල් බිලියන 2321ක වර්ධනයක්

2025 මේ දක්වා කාලය තුළ රජයේ අදායම රුපියල් බිලියන 2321ක වර්ධනයක්

2025 වසරේ මේ දක්වා කාලය තුළ රජයේ අදායම රුපියල් බිලියන 2321ක් දක්වා වර්ධනය කරගැනීමට සමත්ව ඇති බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසනවා.

එම වර්ධනය 2024 වසරට සාපේක්ෂව 24.7%ක වර්ධනයක් ලෙසයි එම අමාත්‍යංශය විසින් නිකුත් කළ රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ දැක්වෙන්නේ.

2024 වසරේ පළමු භාගය රුපියල් බිලියන 1864ක් ලෙස දැක්වුණු රාජ්‍ය ආදායම 2025 වසරේ ජුනි දක්වා කාලය තුළ රුපියල් බිලියන 2321ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

මුදල් අමාත්‍යංශය විසින් පසුගියදා නිකුත් කරන ලද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ දැක්වෙන්නේ 2024 වසරට සාපේක්ෂව එම වර්ධනය 24.8%ක් ලෙස ගණනය කර ඇති බවයි.

2025 වසරේ අපේක්ෂිත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 4990ක් ලෙස ඇස්තමේන්තු කර තිබුණා.

එම අගයෙන් 46.6%ක් මේ වන විට සම්පූර්ණ කරගැනීමට රජය සමත්වී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

ඊට රේගු, දේශිය ආදායම් හා සුරාබදු යන ප්‍රධාන ආදායම් ප්‍රභව තුළ ඇස්තමේන්තුගත ආදායම් ඉලක්ක පසුකර යාමට ප්‍රබල ලෙස බලපෑවා.

ආදායම් මත පදනම් වූ මූල්‍ය ඒකාග්‍රතාව තහවුරු කිරීම, ආදායම් පරිපාලනය වැඩිදියුණු කිරීම, ආර්ථික ක්‍රියාකාරකම් යථාතත්ත්වයට පත්වීම, හා වාහන ආනයන තහනම ඉවත් කිරිම යන කරුණු ද මෙම වර්ධනයට හේතු වී තිබෙනවා.

වාහන ආනයන සීමා ඉවත් කිරීමේ ප්‍රතිපලයක් ලෙස මේ වසරේ ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ ආනයනය කර ඇති මෝටර් රථ සංඛ්‍යාව 126,829ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 361%ක වර්ධනයක්.

එහි ප්‍රතිපලයක් ලෙස රේගු ආනයන බද්ද රුපියල් බිලියන 45 ඉක්මවා ගොස් ඇති අතර, එම වර්ධනය 92.7%ක් වන බව එම වාර්තාවේ දැක්වෙනවා.

Share This