2026 අය වැයෙන් අල්ලස් කොමිසමේ ප්‍රතිපාදන සැලකිය යුතු ලෙස කපා හැරීම ගැටලුවක් බව ට්‍රාන්ස්පේරන්සි කියයි

2026 අය වැයෙන් අල්ලස් කොමිසමේ ප්‍රතිපාදන සැලකිය යුතු ලෙස කපා හැරීම ගැටලුවක් බව ට්‍රාන්ස්පේරන්සි කියයි

2026 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා රු.මි.25 ක් වෙන් කර ඇතත් ක්ෂුද්‍ර මූල්‍ය නියාමන අධිකාරී පනතට අනුව ක්ෂුද්‍ර මූල්‍ය අධිකාරිය පිහිටුවා නොමැති කමින් ඒ සඳහා මුදල් වෙන් කිරීම ප්‍රශ්නගත බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පෙන්වා දෙනවා.

එහි නියෝජිතවරියක මේ අදහස් පළ කළේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දී රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින්ගේ හමුවක දීයි.

එහිදී එම ආයතනයේ නියෝජිතවරිය පෙන්වා දුන්නේ ක්ෂුද්‍ර මූල්‍ය සම්බන්ධ විශාල ගැටලු ගණනාවක් පවතින බවයි.

එමෙන්ම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 21 වැනි වගන්තියට අනුව ස්වාධින කොමිෂන් සභා තමන් ගේ අය වැය මුදල් මුදල් අමාත්‍යාංශයේ අනුමැතියට යටත් කිරීමෙන් එම කොමිෂන් සභාවල ස්වාධීනත්වය සම්බන්ධයෙන් ද ගැටලු මතු කරන්නක් බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ අදහසයි.

අනෙක් අතින් පසුගිය වසරට සාපේක්ෂව 2026 අය වැය තුලින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන් කොමිෂන් සභාවේ ප්‍රතිපාදන සැලකිය යුතු ලෙස කපාහැර තිබීම ද ගැටලු සහගත බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පෙන්වා දුන්නා.

ඔවුන් පෙන්වා දෙන්නේ විශේෂයෙන් එම කොමිසමට බලතල රාශියක් ක්‍රියාත්මක කිරීමට තිබිය දී අවශ්‍ය ප්‍රතිපාදන නොමැතිකම ගැටලු මතුකරන තත්ත්වයක් බවයි.

එමෙන්ම අපරාධ්‍යකින් උත්පාදිත දේපළ පවරා ගැනීමේ පනත පිළිබඳව මෙවර අය වැය ඉදිරිපත් කිරීමේ දී කත කළ ද පනත නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට දේපළ කළමනාකරණය් අකිරීමේ අධිකාරිය පිහිටුවීමට අවශ්‍ය බවයි.

එමෙන්ම ඊට මුදල් වෙන් කිරීම කළයුතු වුවද මෙවර අය වැයෙන් ඒ සඳහා මුදල් වෙන් කිරීමක් සිදුකර නැතැයි ද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ නියෝජිතව‍රිය පෙන්වා දුන්නා.

ආයෝජකයින්ට ලබාදීම සඳහා රජයේ ඉඩම් නැවත වර්ගීකරණය සම්බන්ධයෙන් අදහස් පළ වුව ද උතුරු – නැගෙනහිර ප්‍රදේශවල ඉඩම් ජනතාවට වෙන්කිරීම තවමත් විසඳී නැති තත්ත්වය තුල එහ සිදුකිරීම ගැටලු මතුකරන බව ද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ අදහසයි.

එහි නියෝජිතව‍රිය රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පැවසුවේ ත්‍රිකුණාමලය වරාය අවට ඉඩම් ඒ ආශ්‍රිත ජනතාවට වෙන් කිරීම් සිදුකර නැති බවයි.

“බිම්සවිය” වැඩසටහන ක්‍රියාත්මකව වසර 20 කට ආසන්න වුව ද මේ වන විට එහි ක්‍රියාකාරීත්වය නැවතී ඇතැයි ද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ නියෝජිතවරිය පැවසුවා.

Share This