36 දෙනෙකුට මරු කැඳවූ ගින්නට සම්බන්ධ පුද්ගලයෙකුට මරණ දණ්ඩනය

36 දෙනෙකුට මරු කැඳවූ ගින්නට සම්බන්ධ පුද්ගලයෙකුට මරණ දණ්ඩනය

2019 වසරේ ජපානයේ කියෝතෝ නුවර animation studio එකක පුද්ගලයන් 36 දෙනෙකුට දිවි අහිමි වූ ගිනි තැබීමක් සම්බන්ධයෙන් ජපන් ජාතිකයෙකුට මරණ දණ්ඩනය නියම වී තිබෙනවා.

මෑත දශක කිහිපය තුළ ජපානයේ දරුණුතම සිදුවීමක් වූ මෙම සිදුවීම, තරුණ කලාකරුවන් මිය යාම ලෝකයම කම්පනයට පත් කළ කාරණයක් වුණා.

45 හැවිරිදි Shinji Aoba ගිනි ගැනීම වරද පිළිගත් අතර ඔහුගේ නීතීඥයින් Shinji Aoba ගේ මානසික මට්ටම ගැන තර්ක කරමින් සැහැල්ලු දඬුවමක් ඉල්ලා ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, විනිසුරුවරුන් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අපරාධය සිදු වන අවස්ථාවේදී විත්තිකරුගේ මානසික මට්ටම දුර්වල නොවූ බවයි ප්‍රධාන විනිසුරු කියෝතෝ දිස්ත්‍රික් උසාවියේ තීන්දුව අතරතුර කියා සිටියේ.

Share This