
5 වැනි සමාලෝචනයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 347 ක්
2026 අයවැය වැඩසටහන IMF ක්‍රමවේදයට අනුකූලද යන්න පිළිබඳ සමාලෝචනය කරමින් සිටින බව ජාත්‍යන්තර මුූල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්යක්ෂ ජූලි කොසැක් මහත්මිය පවසනවා.
වෝෂින්ටන් නුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ විස්තීරණය ණය පහසුකමේ 5 වැනි සමාලෝචනය අවසන් කිරීමට ද ඉදිරි සතිවල බලාපොරොත්තුවෙන් සිටින බවයි.
පසුගිය ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර ශ්‍රී ලංකාවේ විස්තීරණ ණය පහසුකමේ පස්වැනි සමාලෝචනය සඳහා කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණියා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් එම සමාලෝචනය අනුමත කළ පසු ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 347 ක ණය වාරිකයක් හිමිවනවා.
ඉදිරි සති කිහිපයක තුළදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන මණ්ඩල රැස්වීමද පැවැත්වීමට නියමිතයි.
2026 අයවැය ගැන කියමින් ජූලි කොසැක් පවසන්නේ, 2026 අයවැය වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන්ට අනුකූල ද යන්න ඇගයීමට කාර්යමණ්ඩලය විසින් අයවැය ලේඛන සමාලෝචනයක් කරමින් සිටින බවයි.
