සෝමාලියාව ආසන්නයේ අතුරුදන් වූ එක්සත් ජනපද නාවික හමුදාවේ භටයින් සොයා තවදුරටත් මෙහෙයුම්

සෝමාලියාව ආසන්නයේ අතුරුදන් වූ එක්සත් ජනපද නාවික හමුදාවේ භටයින් සොයා තවදුරටත් මෙහෙයුම්

සෝමාලියාවේ වෙරළට ඔබ්බෙන් අතුරුදන් වූ නාවික හමුදා භටයින් දෙදෙනෙකු සොයා එක්සත් ජනපද නාවික හමුදාව අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බව විදෙස් මාධ්‍ය පවසනවා .

ඔවුන් අතුරුදන්ව තිබුණේ පසුගිය සතියේ බ්‍රහස්පතින්දා (11) දින රාත්‍රියේදීයි

Aden බොක්කේ සෝදිසි මෙහෙයුම් සඳහා නාවික හමුදාව විසින් නැව් සහ ගුවන් යානා යොදා ගනිමින් සිටින බවද සඳහන් වනවා

ආයුධ තොගයක් රැගෙන යමින් තිබූ යාත්‍රාවක් අල්ලා ගැනීමට උත්සාහ කිරීමේදී මෙම භටයන් අතුරුදන් වී ඇති බවයි අමෙරිකානු ආරක්ෂක නිලධාරීහු පවසා තිබෙන්නේ

Share This