නව මාර්ගයක් හරහා සුඩානයට ආධාර ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානමින්

නව මාර්ගයක් හරහා සුඩානයට ආධාර ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානමින්

දකුණු සුඩානයේ සිට නව මාර්ගයක් හරහා සුඩානයට ආධාර ලබා දීම ගැන සලකා බලන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබෙනවා

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) Rick Brennan පැවසුවේ දකුණු සුඩානයේ සිට දකුණු සහ බටහිර Kordofan දක්වා සුඩානයේ දේශසීමා මෙහෙයුම් ස්ථාපිත කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බවයි.

මාස නවයක කාලයක් පුරා පවතින යුද්ධය මානුෂීය අර්බුදයක් සහ ඉතා දුෂ්කර සේවා පරිසරයක් නිර්මාණය කර ඇති බවයි ඔහු පවසන්නේ

හමුදාව සහ පැරාමිලිටරි වේගවත් ආධාරක බලකාය (RSF) අතර පවතින යුද්ධය හේතුවෙන් සුඩානයේ ජනගහනයෙන් අඩකට ආසන්න පිරිසකට ආධාර අවශ්‍ය වී තිබෙනවා .

මිලියන හතකට අධික ජනතාවක් තම නිවෙස්වලින් පලා ගොස් ඇති අතර, සුඩානය ලොව විශාලතම අවතැන් අර්බුදයකට මුහුණ දී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

 

Share This