ගුජරාට් ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරළී 12 දෙනෙකු මරුට

ගුජරාට් ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරළී 12 දෙනෙකු මරුට

පාසල් විනෝද චාරිකාවක නිරත වෙමින් තිබූ තිබූ බෝට්ටුවක් පෙරළී සිසුන් 12 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු බටහිර ඉන්දියාවේදී දියේ ගිලී මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගුජරාට් ප්‍රාන්තයේ Vadodaraහි Harni විලෙහි සිදුවූ මෙම සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

අනතුර සිදුවූ අවස්ථාවේ බෝට්ටුවේ පුද්ගලයින් 27 දෙනෙකු පමණ සිටි බව සඳහන්.

මේ වනවිට පුද්ගලයන් හත් දෙනෙකු පමණ බේරාගෙන ඇති අතර ඔවුන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

එමෙන්ම බෝට්ටු සවාරියේදී විපතට පත් වූවන්ට ජීවිතාරක්ෂක ජැකට් ලබා දී නොමැති බවයි ගුජරාට් පොලිසිය සඳහන් කරන්නේ.

ගුජරාට් ප්‍රධාන අමාත්‍ය භූපේන්ද්‍ර පටෙල් පවසන්නේ මියගිය අයගේ පවුල්වලට ප්‍රාන්ත රජය මගින් ඩොලර් 4,800ක් සහ අනතුරෙන් තුවාල ලැබූවන්ගේ පවුල් සඳහා ඩොලර් 600 ලබාදීමට කටයුතු කරන බවයි.

Share This