පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමට විරුද්ධබව අමෙරිකාව හමුවේ ඊශ්‍රායල අගමැති කියයි

පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමට විරුද්ධබව අමෙරිකාව හමුවේ ඊශ්‍රායල අගමැති කියයි

ගාසා තීරයේ ගැටුම අවසන් වූ පසු පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමට තමන් විරුද්ධ බව අමෙරිකාව හමුවේ ප්‍රකාශ කළ බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

ඊශ්‍රායල අගමැතිවරයා ගාසා තීරයේ ප්‍රහාරය සම්පූර්ණ ජයග්‍රහණය ලබාගන්නා තෙක් ඉදිරියට ගෙන යන බවටයි පොරොන්දු වී ඇත්තේ

එමෙන්ම හමාස් සංවිධානය විනාශ කිරීමට සහ ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ආපසු පැමිණීමට තවත් මාස ගණනාවක් ගත විය හැකි බවයි ඔහු සඳහන් කරන්නේ

හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ගාසා තීරයේ පලස්තීනුවන් 25,000කට ආසන්න සංඛ්‍යාවක් මරා දමා තිබෙනවා

ඒ අනුව ගාසා තීරයේ ජනගහනයෙන් 85%ක් අවතැන්වීමත් සමග ඊශ්‍රායලය එහි ප්‍රහාරය පාලනය කිරීමටත්, යුද්ධයේ තිරසාර අවසානයක් සම්බන්ධයෙන් අර්ථවත් සාකච්ඡාවක නිරතවීම සම්බන්ධයෙන් දැඩි පීඩනයකට ලක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This