ඉක්වදෝරයේ ආරක්ෂක අංශ ප්‍රධාන බන්ධනාගාරයක මෙහෙයුමක් දියත් කරයි

ඉක්වදෝරයේ ආරක්ෂක අංශ ප්‍රධාන බන්ධනාගාරයක මෙහෙයුමක් දියත් කරයි

ඉක්වදෝරයේ ආරක්ෂක අංශ විසින් Guayaquil වරාය නගරයේ ප්‍රධාන බන්ධනාගාර සංකීර්ණයක මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

සතියක කාලයක් පුරා සිරගෙවල්වල පැවති කැරලි කෝලාහලයෙන් පසු සාමය යථා තත්ත්වයට පත් කළ බවයි පැවසෙන්නේ

ඉක්වදෝරයේ ජනාධිපති Daniel Noboa පවසා ඇත්තේ තම රජය සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩපැවැත්වීමට කටයුතු කරන බවයි.

මෙම මස මුලදී, “Fito” නමින් හැඳින්වෙන Adolfo Macías Villamar නම් කල්ලි නායකයා එම සංකීර්ණයෙන් පැන ගිය බවද විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා

ගුවායාකිල්හි මත්ද්‍රව්‍ය කල්ලිවල මෙහෙයුම්වල පදනම ලෙස සැලකෙන සිර කඳවුරේ පාලනය භට පිරිස් විසින් නැවත අත්පත් කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ

ඉක්වදෝරයේ සංවිධානාත්මක අපරාධ විමර්ශනය කරමින් සිටි නඩු පවරන්නෙකු වන César Suárez ඝාතනය කිරීමෙන් ටික කලකට පසුව මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව සඳහන්

César Suárez ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයන් දෙදෙනෙකු බලධාරීන් විසින් රඳවාගෙන ඇති අතර ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ සැකකරුවන් දෙදෙනා මෙක්සිකෝවේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට සම්බන්ධ අපරාධ කල්ලියකට අයත් බවයි.

මෙම වසර මුලදී, මත්ද්‍රව්‍ය කල්ලි නායක”Fito” ප්‍රාදේශීය බන්ධනාගාරයෙන් පැන යාමත් සමග බන්ධනාගාර පද්ධතිය තුළ මෙන්ම වීදිවල ප්‍රචණ්ඩත්වය ඇතිවුණා

ඔහුට පැන යාමට උදව් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුට චෝදනා එල්ල වී ඇති බවද සඳහන්

“Fito” පලා යාමේ පුවතින් පසු රට පුරා අවම වශයෙන් සිරගෙවල් හයක් තුළ කැරලි ඇති කළ අතර, බන්ධනාගාර ආරක්ෂකයින් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

ඒ අනුව ජනාධිපති ඩැනියෙල් නොබෝවා ජනවාරි 8 වන දින ඉක්වදෝරයේ දින 60 ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා

Share This