ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ දකුණු නගරය වන ඛාන් යුනිස් වෙත ළඟා වෙයි

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ දකුණු නගරය වන ඛාන් යුනිස් වෙත ළඟා වෙයි

ගාසා තීරයේ දෙවන විශාලතම නගරය තුළ සිය මෙහෙයුම් පුළුල් කරමින් සිටින තම හමුදා ඛාන් යුනිස් හි දකුණු කෙළවර ප්‍රදේශයට ළඟා වූ බව ඊශ්‍රායලය පවසනවා

හමාස්හි පලස්තීන සටන්කාමීන් රැසක් මිය ගොස් ඇති බවද හමුදාව නිවේදනය කරනවා

ගාසා තීරයේ පුද්ගලයින් 172 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය නිලධාරීන් පවසනවා

මේ අතර, ඊශ්‍රායල ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ගාසා තීරයට බෙදා හරින ලද ඖෂධ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් වෙත ළඟා වන ලෙස තමන් යාඥා කරන බවයි.

කටාර් විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පවසන්නේ ප්‍රාණ ඇපකරුවන් වෙත ඖෂධ පැමිණ ඇති බවට විශ්වාස කෙරෙන නමුත් සන්නිවේදන අවහිරයක් හේතුවෙන් එය තහවුරු කිරීමට අපහසු වනු ඇති බවයි.

Share This