අමෙරිකාවේ Peregrine One යානයේ සඳ මෙහෙයුම අසාර්ථකයි

අමෙරිකාවේ Peregrine One යානයේ සඳ මෙහෙයුම අසාර්ථකයි

සඳ මතට ගොඩබැසීම සඳහා පසුගිය සතියේ අභ්‍යවකාශ ගත කරන ලද එක්සත් ජනපද අභ්‍යවකාශ යානය ගිනිගෙන පැසිෆික් සාගරයට වැටී තිබෙනවා.

Peregrine One යානයට ප්‍රචාලන දෝෂයක් නිසා චන්ද්‍රය වෙත ගොඩ බැසීමේ අපේක්ෂාවක් අවසන් වූ අතර Peregrine One මෙලෙස විනාශ වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Peregrine One යානයේ Pittsburgh පදනම් කරගත් Astrobotic නම් පුද්ගලික සමාගම විසින් යානය ගිනි ගැනීම සඳහා පෘථිවි වායුගෝලයට යොමු කර ඇති බව සඳහන්.

ඕස්ට්‍රේලියාවේ Canberra හි ඇති tracking station එකක් මගින් Peregrine One යානයේ සංඥා නැතිවීම තහවුරු කර තිබෙනවා.

Peregrine One යානයේ අවශේෂ සාගරය මතුපිට ඉතිරිව තිබුණොත් ඒවා ඔවුන් ඕනෑම ජනගහණයකින් දුරස්ථව තැබිය යුතු බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

Astrobotic පුද්ගලික සමාගමේ අරමුණ වූයේ මෙම දශකය අවසානයේ දේශීය පරිසරය අධ්‍යයනය කිරීම සඳහා නාසා උපකරණ පහක් සඳ මතුපිටට යොමු කිරීමයි.

Peregrine One යානයට සාර්ථකව සඳ මතට ගොඩබැසීමට හැකි වූයේ නම්, එය අඩ සියවසකට පසු එසේ කළ පළමු අමෙරිකානු මෙහෙයුම බවටත්, එමෙන්ම සඳ මෙහෙයුමක් දියත් කළ අමෙරිකාවේ පළමු පුද්ගලික ව්‍යාපාරය බවටත් පත් වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This