සෝමාලියාවේ අතුරුදන්වූ එක්සත් ජනපද නාවික හමුදා සාමාජිකයින් සොයා කළ මෙහෙයුම් අවසන් වෙයි

සෝමාලියාවේ අතුරුදන්වූ එක්සත් ජනපද නාවික හමුදා සාමාජිකයින් සොයා කළ මෙහෙයුම් අවසන් වෙයි

සෝමාලියාවේ වෙරළට ඔබ්බෙන් අතුරුදන් වූ නාවික හමුදාවේ සාමාජිකයින් දෙදෙනෙකු සෙවීම සඳහා එක්සත් ජනපද නාවික හමුදාව විසින් දින 10 ක් පුරා සිදුකළ සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුම අවසන් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා .

ජනවාරි 11 වනදා රාත්‍රියේ නාවික හමුදාවේ සාමාජිකයින් දෙදෙනා අතුරුදන්වූ බවයි විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළේ

ආයුධ රැගත් යාත්‍රාවක් අල්ලා ගැනීමට තැත් කිරීමේදී මොවුන් අතුරුදහන් වූ බවයි පැවසෙන්නේ

“දින 10 ක සම්පූර්ණ සෝදිසි කිරීමකින් පසුව, අපගේ අතුරුදහන් වූ එක්සත් ජනපද නාවික හමුදා සාමාජිකයින් දෙදෙනා සොයා ගෙන නොමැති බවත් ඔවුන් මියගිය බවට විශ්වාස කරන බවත්,” එක්සත් ජනපද මධ්‍යම විධානය ප්‍රකාශ කර ඇති බවද සඳහන් වනවා

ඒඩන් බොක්කෙහි වර්ග සැතපුම් 21,000 කට වඩා වැඩි ප්‍රදේශයක් පුරා නැව් සහ ගුවන් යානා යොදා ගනිමින් මොවුන් දෙදෙනා සෙවීමට ජපන් සහ ස්පාඤ්ඤ හමුදා සහාය වී තිබෙනවා .

Share This