ගාසා තීරයේ එක් දිනක් තුළ ඊශ්‍රායල සොල්දාදුවන් 24ක් මරුට

ගාසා තීරයේ එක් දිනක් තුළ ඊශ්‍රායල සොල්දාදුවන් 24ක් මරුට

ගාසා තීරයේදී ඊයේ(22) දිනයේ ඊශ්‍රායල සොල්දාදුවන් 24 දෙනෙකු මිය ගිය බව ඊශ්‍රායල ආරක්ෂක අංශ නිවේදනය කරනවා.

ඔවුන් පවසන්නේ ඊශ්‍රායල – හමාස් යුද්ධය ආරම්භ වූ දා සිට තම හමුදාවන්ට මුහුණ දුන් අවාසනාවන්තම සිදුවීම මෙය බවයි.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව පසුගිය දිනයේදී පලස්තීනුවන් 195 දෙනෙකුද මියගොස් තිබෙනවා.

ඊශ්‍රායල ආරක්ෂක අංශ ප්‍රධාන ප්‍රකාශක, රියර් අද්මිරාල්Daniel Hagari කියා සිටියේ ඊයේ 02ට පමණ මධ්‍යම ගාසා තීරයේදී ඊශ්‍රායල දේශ සීමාවේ kibbutz හි Kissufim වලට ආසන්නයේ සිටි ආරක්ෂකයින් මෙලෙස මියගිය බවයි.

ඔක්තෝබර් 7 වන දින හමාස් ප්‍රහාරයෙන් පසු දස දහස් ගණනක් එම ප්‍රදේශවලින් ඉවත් කරමින් දකුණු ඊශ්‍රායලයේ පදිංචිකරුවන්ට ආරක්ෂිතව නැවත ඔවුන්ගේ නිවෙස් කරා යාමට ඉඩ සැලසීමේ මෙහෙයුමට මෙම නිලධාරීන් සම්බන්ධ වී සිටියා.

පිපිරීමෙන් මියගිය නිලධාරීන්ගේ අවමංගල්‍යය කටයුතු ජෙරුසලමේ හර්සල් කන්දේදී සිදුකර ඇති බව සඳහන්.

ශෝකයට පත් වූ බොහෝ දෙනෙක් හමුදා නිල ඇඳුමින් සැරසී සිටි අතර එම ප්‍රදේශය නිල් සහ සුදු ඊශ්‍රායල ධජ වලින් පිරී ගොස් තිබූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This