රුසියානු මිසයිල ප්‍රහාරවලින් යුක්‍රේනයේ 18 ක් මරුට -130 කට තුවාල (VIDEO)

රුසියානු මිසයිල ප්‍රහාරවලින් යුක්‍රේනයේ 18 ක් මරුට -130 කට තුවාල (VIDEO)

යුක්‍රේනයේ නගරවලට එල්ලවූ රුසියානු මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයන් 18 දෙනෙකු මිය ගොස් 130 දෙනෙකු තුවාල ලබා ඇති බව ජනාධිපති Volodymyr Zelensky පවසනවා .

නිවාස 139කට හානි සිදුව ඇති බවත්, තවත් පිරිසක් සුන්බුන්වලට යටවී ඇති බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි ඔහු සඳහන් කරන්නේ

යුක්‍රේනයේ ඊසානදිග පිහිටි දෙවන විශාලතම නගරය වන Kharkiv හි නිලධාරීන් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ අට හැවිරිදි දැරියක් ඇතුළු පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් ඇති බවටයි.

මධ්‍යම Dnipropetrovsk ප්‍රදේශයේ Pavlohrad හි එක් කාන්තාවක් මිය ගොස් ඇති අතර කියෙව් අගනුවර 22 දෙනෙකු තුවාල ලබා තිබෙනවා

මෝටර් රථ ගණනාවක් ගිනි තබා ඇති බව ප්‍රාදේශීය බලධාරීහු මීට පෙර ප්‍රකාශ කළා.

Share This