නේටෝ සංවිධානය තවත් රටවල්වලට සම්බන්ධවීමට ඉඩ සලසයි

නේටෝ සංවිධානය තවත් රටවල්වලට සම්බන්ධවීමට ඉඩ සලසයි

බටහිර ජාතීන් සඳහා වන හමුදා සංවිධානයක් වන නේටෝ තවත් රටවල්වලට සම්බන්ධ වීමට ඉඩ සලසා තිබෙනවා

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමග එය සිය ආරක්‍ෂාව වැඩිකර ගනිමින් සිටින බවයි පැවසෙන්නේ

නේටෝ සංවිධානය 1949 වසරේදී එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව සහ ප්‍රංශය ඇතුළු රටවල් 12 ක් විසින් පිහිටුවනු ලැබුවා

එහි අරමුණ වූයේ රුසියාව ඇතුළු රාජ්‍ය සමූහයක්වන සෝවියට් සංගමයේ ව්‍යාප්තිය වැලැක්වීමයි.

නේටෝ සාමාජිකයින්ගෙන් එක් අයෙකුට ප්‍රහාරයක් එල්ල වුවහොත් අනෙක් සියලුම ජාතීන් එයට උදව් කළ යුතු බවට සාමාජිකයින් එකඟවී තිබෙනවා

එයට සන්නද්ධ බලය භාවිතා කිරීමද ඇතුළත් විය හැකියි

නේටෝවට තමන්ගේම හමුදාවක් නැති නමුත් සාමාජික රටවල අර්බුදවලට ප්‍රතිචාර වශයෙන් ඒකාබද්ධ හමුදා ක්‍රියාමාර්ග ගත හැකි වනවා .

ඔවුන් හමුදා සැලසුම් සම්බන්ධීකරණය කිරීම සහ යුධ අභ්‍යාස ද සිදු කරන බවයි පැවසෙන්නේ

යුරෝපයේ සහ උතුරු ඇමරිකාව පුරා නේටෝ සාමාජිකයින් 31 දෙනෙකු සිටින බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා .

1991 දී සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු, ඇල්බේනියාව, බල්ගේරියාව, හංගේරියාව, පෝලන්තය, චෙක් ජනරජය, ස්ලෝවැකියාව, රුමේනියාව, ලිතුවේනියාව, ලැට්වියාව සහ එස්තෝනියාව වැනි බොහෝ නැගෙනහිර යුරෝපීය රටවල් එක්වූණා

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ස්වීඩනය සහ ෆින්ලන්තය එක්වීමට ඉල්ලුම් කළේ ඔවුන්ගේ ආරක්ෂාව ගැන බිය වූ බැවින් බවයි පැවසෙන්නේ

ස්වීඩනයේ සාමාජිකත්වය තවමත් නේටෝ සාමාජිකයින් දෙදෙනෙකු වන තුර්කිය සහ හංගේරියාව විසින් නිල වශයෙන් අනුමත කර නැහැ

බොස්නියාව සහ හර්සගොවිනා සහ ජෝර්ජියාව ද නෙටෝවට එක්වීමට අවශ්‍ය බවයි පවසා ඇත්තේ

යුක්‍රේනයට සාමාජිකත්වය ලබා ගත හැකි බව නේටෝ ප්‍රකාශ කර ඇති නමුත් මෙය සිදුවන්නේ කවදාදැයි තහවුරු කර නැහැ

එමෙන්ම යුක්‍රේනය නේටෝවට එක්වීමේ අදහසට රුසියාව විරුද්ධ වී ඇති අතර, එය සන්ධානයේ හමුදාවන් තමන්ගේම භූමියට සමීප කරනු ඇතැයි යන බිය හේතුවෙන් බවයි විශ්වාස කෙරෙන්නේ

රුසියාව සමග යුද්ධයක යෙදී සිටින විට නේටෝවට සම්බන්ධ විය නොහැකි බව කියෙව් පිළිගන්නා නමුත් සටන් අවසන් වූ පසු හැකි ඉක්මනින් සම්බන්ධ වීමට අවශ්‍ය බවද පවසනවා

කණ්ඩායමක් ලෙස නේටෝ සංවිධානය යුක්‍රේනයට ආයුධ එවා නැති නමුත් සාමාජික රටවල් කිහිපයක් එසේ කර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

ඒ අනුව එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය සහ තුර්කිය ටැංකි නාශක අවි, මිසයිල ආරක්ෂක පද්ධති, කාලතුවක්කු තුවක්කු, යුද ටැංකි සහ හමුදා ඩ්‍රෝන යානා සපයා තිබෙනවා

එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ද දිගු දුර මිසයිල සපයා ඇති අතර එක්සත් ජනපදය නේටෝ රටවලට තම F-16 වැනි ප්‍රහාරක ජෙට් යානා යුක්‍රේනයට පිරිනැමීමට සහ ගුවන් නියමුවන්ට ඒවා පියාසර කරන ආකාරය ඉගැන්වීමට ඉඩ දී ඇති බව සඳහන්

නෙදර්ලන්තය පවසා ඇත්තේ ඉක්මනින්ම F-16 යානා 18ක් ලබා දීමට හැකි වනු ඇති බවයි.

කෙසේ වෙතත්, නේටෝ රටවල් යුක්‍රේනයට හමුදා යැවීම හෝ ඔවුන්ගේ ගුවන් හමුදා භාවිතා කරමින් ගුවන් තහනම් කලාපයක් පැනවීම සිදු නොකරන්නේ එය රුසියාව සමඟ සෘජු ගැටුමක් ඇති කළ හැකි බැවින් බව සඳහන්

Share This