දකුණු ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරයකින් 9ක් මරුට – 75කට තුවාල

දකුණු ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරයකින් 9ක් මරුට – 75කට තුවාල

දකුණු ගාසා තීරයේ ඛාන් යූනිස් හි සිවිල් වැසියන්ට රැකවරණය සපයන එක්සත් ජාතීන්ගේ මධ්‍යස්ථානයකට පහර දීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් 75 දෙනෙකු තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය පවසනවා

එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය පවසන්නේ නගරයේ බටහිර තදාසන්න ප්‍රදේශයේ සටන් අතරතුර ෂෙල් වෙඩි දෙකක් එහි ඛාන් යුනිස් පුහුණු මධ්‍යස්ථානයට වැදී ඇති බවයි.

මෙම ප්‍රහාරය තම හමුදාවන් විසින් එල්ල කරන ලද ගුවන් හෝ කාලතුවක්කු ප්‍රහාරයක ප්‍රතිඵලයක් බව තමන් බැහැර කරන බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කරනවා

නගරයේ ප්‍රධාන රෝහල් දෙක වටා ඇති වූ ගැටුම් සහ බෝම්බ ප්‍රහාර හේතුවෙන් රෝගීන්, කාර්ය මණ්ඩලය සහ අනෙකුත් පුද්ගලයින් දහස් ගණනකට පිටව යාමට නොහැකි වී තිබෙන බවද සඳහන් .

ඔක්තෝබර් 7 වැනි දින දකුණු ඊශ්‍රායලයට හමාස් තුවක්කුකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් 1,300 ක් පමණ මිය ගිය අතර තවත් 250 ක් පමණ ප්‍රාණ ඇපයට ගැනුණා .

එතැන් සිට එල්ලවූ ප්‍රතිප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පුද්ගලයින් 25,700 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා

Share This