චීනයේ වෙළෙඳසැලක ඇති වූ ගින්නකින් 39ක් මරුට

චීනයේ වෙළෙඳසැලක ඇති වූ ගින්නකින් 39ක් මරුට

චීනයේ Xinyu නගරයේ වෙළෙඳසැලක පහළම මාලයේ ඇති වූ ගින්නකින් පුද්ගලයන් 39 දෙනකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

9 දෙනකු තුවාල ලබා තිබෙන බවද පැවසෙනවා

ජනාධිපති ෂී ජින්පින් මෙම ගිනි ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා තිබෙන බවද සඳහන්

මධ්‍යම හෙනාන් පළාතේ පාසල් නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් ළමුන් 13 දෙනෙකු මිය ගොස් දින කිහිපයකට පසුව මෙම ගින්න ඇතිව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මේ සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලයේ හත් දෙනෙකු පසුව පොලිස් අත්අඩංගුවට පත්වූ බවද සඳහන් .

Share This