තායිලන්තයේදී සිංහ පැටියෙකු සමග සවාරි ගිය අයෙක් අත්අඩංගුවට

තායිලන්තයේදී සිංහ පැටියෙකු සමග සවාරි ගිය අයෙක් අත්අඩංගුවට

තායිලන්තයේ Pattaya නගරයේ වීථිවල සුරතල් සිංහයෙකු සමග සවාරියේ යෙදුණු කාන්තාවක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වන විට සමාජ මාධ්‍ය පුරා හුවමාරු වන වීඩියෝවක දැක්වෙන්නේ සිංහ පැටියා සුදු පැහැති විවෘත Bentley රථයක පිටුපස අසුන්ගෙන සිටින ආකාරයයි.

Sawangjit Kosoongnern විසින් සිංහයා ගෙන තිබුණේ තායිලන්තයේ මීට ටික කාලයකට පෙර රැඳී සිටි ශ්‍රී ලාංකිකයෙකුගෙන් බව සඳහන්.

තායිලන්තයේ සිංහයෙකු හදා ගැනීම නීති විරෝධී වන අතර එය නිල වශයෙන් ලියාපදිංචි කළ යුතු වනවා.

එබැවින් අවසරයකින් තොරව වන සතෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට ඇය මුහුණ දී ඇති අතර, එය වසරක සිර දඬුවමක් සහ ඩොලර් $ 2800 දක්වා දඩයකට යටත් වන බව සඳහන්.

සිංහයා කුලියට දුන් ශ්‍රී ලාංකිකයාට එරෙහිව නඩු පැවරීමට පොලිසිය ඔහු සොයමින් සිටි නමුත් ඔහු තවදුරටත් තායිලන්තයේ නොමැති නිසා එය කිරීමට නොහැකි වී තිබෙනවා.

තායිලන්තයේ දැනට නීත්‍යානුකූලව ලියාපදිංචි කර ඇති සිංහයන් 224ක් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This