ඊශ්‍රායලයට එරෙහි දකුණු අප්‍රිකාවේ සමූලඝාතන නඩුවේ අතුරු තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි

ඊශ්‍රායලයට එරෙහි දකුණු අප්‍රිකාවේ සමූලඝාතන නඩුවේ අතුරු තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි

ඊශ්‍රායලයට එරෙහි දකුණු අප්‍රිකාවේ සමූලඝාතන නඩුවේ අතුරු තීන්දුවක් එක්සත් ජාතීන්ගේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ගාසා තීරයේ සිය මෙහෙයුම් නතර කරන ලෙස ඊශ්‍රායලයට නියෝග කරමින් හදිසි පියවරක් නිකුත් කරන්නේද යන්න ජාත්‍යන්තර අධිකරණය එහිදී තීරණය කරනු ඇති

ඊශ්‍රායලයට එරෙහිව තීන්දුවක් බලාත්මක කළ නොහැකි අතර ඊශ්‍රායලය නිසැකවම එය නොසලකා හරිනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

නමුත් එය දේශපාලනික වශයෙන් වැදගත් වනු ඇති බවද සඳහන්

තමන් ජන සංහාරයක් සිදු කරන බවට එල්ල වන චෝදනාව ඊශ්‍රායලය තරයේ ප්‍රතික්ෂේප කරන අතර එය පදනම් විරහිත ලෙස හඳුන්වනවා

මේ අතර, ගාසා තීරයේ නව සටන් විරාමයක් ගැන සාකච්ඡා කිරීමට CIA ප්‍රධානියා ඉදිරි දිනවලදී ඊශ්‍රායල, කටාර් සහ ඊජිප්තු නිලධාරීන් හමුවීමට නියමිත බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කර තිබෙනවා

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ලද ප්‍රතිප්‍රහාරවලින් පුද්ගලයන් 26,000ක් පමණ මිය ගොස් ඇති අතර ඉන් වැඩි වශයෙන් මිය ගොස් ඇත්තේ කාන්තාවන් සහ ළමුන් බව හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා

වත්මන් යුද්ධය ආරම්භ වූයේ ඔක්තෝබර් 7 වන දින හමාස් දකුණු ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කර 1,300 ක් පමණ සාමාන්‍ය වැසියන් මරා දැමීමෙන් සහ 240 ක් ප්‍රාණ ඇපයට ගැනීමෙන් පසුවයි .

Share This