වසර 50කට පසු සොයාගත් බෝම්බකරු

වසර 50කට පසු සොයාගත් බෝම්බකරු

දශක ගණනාවක් තිස්සේ, Satoshi Kirishima නැමැත්තාගේ මුහුණ ජපානය පුරා පොලිස් ස්ථානවලින් පිටත ”Most Wanted” පෝස්ටර්වල දක්නට ලැබුණා.

ඒ අනුව වසර 50කට ආසන්න කාලයක් තිස්සේ කරන ලද විමර්ශනවලින් අනතුරුව ඔවුන් සෙවූ පුද්ගලයාව සොයාගත් බවට අපේක්ෂා කරන බව ජපානයේ ආරක්ෂක අංශ සඳහන් කරනවා.

1970 ගණන්වල සිදුවූ මාරාන්තික බෝම්බ ප්‍රහාර කිහිපයක් පිටුපස සිටි සටන්කාමී කණ්ඩායමක සාමාජිකයෙකු ලෙස Satoshi Kirishima ගැන ටෝකියෝ රෝහලකදී ඔත්තුවක් ලැබී තිබෙනවා.

මේ පුද්ගලයාව වෙනත් නමකින් රෝහලට ඇතුළත් කරඇති අතර ඔහු මාරාන්තික පිළිකාවකින් පෙළෙන බව සඳහන්.

ඒ අනුව එම පුද්ගලයාගේ DNA පරීක්ෂණයේ ප්‍රතිඵල සඳහා පොලිසිය බලා සිටින බවයි සඳහන් වන්නේ.

Kirishima නැගෙනහිර ආසියා – ජපාන විරෝධී සන්නද්ධ පෙරමුණට අයත් වූවෙක්.

එම සන්නද්ධ පෙරමුණ 1972 සහ 1975 අතර ජපානයේ අගනුවර සිදුවූ බෝම්බ ප්‍රහාර කිහිපයක් පිටුපස සිටි බවට තොරතුරු ලැබී තිබෙනවා.

මේ වනවිට 70 වැනි වියේ පසුවන Kirishimaව අවසානයේ වසර 50කට පසු සොයාගැනීමටයි එරට ආරක්ෂක අංශ සමත් වුණේ.

ටෝකියෝවේ කමකුරා නගරයේ රෝහලකට ඇතුළු වූ විට ඔහු මුලින් වෙනත් නමක් භාවිතා කරඇති අතර මීට දින දෙකකට පෙර ඔහු රෝහල් නිලධාරීන්ට තමා ඇත්ත වශයෙන්ම Kirishima බව පවසා තිබෙනවා.

ඔහුට ජීවත් වීමට ඉතිරිව ඇත්තේ මාස කිහිපයක් පමණක් බැවින් ඔහුගේ අවසාන මොහොතේ ඔහුගේ සැබෑ නම භාවිතා කිරීමට අවශ්‍ය වූ බව රෝහල් නිලධාරීන්ට දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This