දකුණු ගාසාහි සටන් උග්‍ර අතට

දකුණු ගාසාහි සටන් උග්‍ර අතට

හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායලයේ ගොඩබිම් ප්‍රහාරයේ කේන්ද්‍රස්ථානය වී ඇති දකුණු ගාසා තීරයේ කොටසක් වන ඛාන් යූනිස් හරහා සහ එහි ප්‍රධාන රෝහල් දෙකක් වටා උග්‍ර සටන් සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

කෙසේ වෙතත් හමාස් සංවිධානය කියා සිටියේ තම සටන්කාමීන් නිරිතදිග ඛාන් යූනිස් හි ඊශ්‍රායල ටැංකියකට, යුද ටැංකි නාශක මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවයි

එමෙන්ම ඛාන් යුනිස් හි සොල්දාදුවන් වෙත රයිෆල් සහ පුපුරණ ද්‍රව්‍ය තැබීමට උත්සාහ කළ තුවක්කුකරුවන් 11 දෙනෙකුවත් ඝාතනය කළ බවයි ඊශ්‍රායල හමුදාව පැවසුවේ

හමාස් සමග මිත්‍රත්වය ඇති පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් කණ්ඩායම ප්‍රකාශ කර ඇත්තේ තම සටන්කාමීන් ඊශ්‍රායල හමුදා ප්‍රදේශයේ යොදවා ඇති අතර ඔවුන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කළ බවයි

Share This