එක්සත් රාජධානියේ නාවික හමුදාව රතු මුහුදේ දී Houthi කැරලිකරුවන්ගේ ඩ්‍රෝන යානයක් බිම හෙළයි

එක්සත් රාජධානියේ නාවික හමුදාව රතු මුහුදේ දී Houthi කැරලිකරුවන්ගේ ඩ්‍රෝන යානයක් බිම හෙළයි

එක්සත් රාජධානියේ නාවික හමුදාවට අයත් HMS ඩයමන්ඩ් නෞකාව රතු මුහුදේදී යාත්‍රාවක් ඉලක්ක කර ගනිමින් Houthi කැරලිකරුවන්ගේ ඩ්‍රෝන යානයක් බිම හෙළා තිබෙනවා

එරට ආරක්ෂක අමාත්‍යාංශය (MoD) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන් කිසිදු හානියක් සිදු නොවූ බවයි.

ඉරානයේ පිටුබලය ලබන Houthi කැරලිකරුවන් රතු මුහුදේ වෙළඳ මාර්ගය හරහා ගමන් කරන ඊශ්‍රායලයට සහ බටහිරට සම්බන්ධ යැයි පවසන නැව් ඉලක්ක කර තිබෙනවා

ආරක්ෂක ලේකම් Grant Shapps පැවසුවේ එක්සත් රාජධානිය මෙම ප්‍රහාරවලින් නොසැලී සිටින බවයි.

වැඩිදුරටත් ඔහු යේමනය පදනම් කරගත් කණ්ඩායම විසින් සිදු කරන ලද නවතම ප්‍රහාරය නීති විරෝධී ලෙසයි හඳුන්වා ඇත්තේ

 

Share This