තාවකාලික තොටුපළක් ඉදිකිරීමට එක්සත් ජනපද හමුදා ගාසා තීරයට

තාවකාලික තොටුපළක් ඉදිකිරීමට එක්සත් ජනපද හමුදා ගාසා තීරයට

ගාසා වෙරළට ඔබ්බෙන් තාවකාලික තොටුපළක් ඉදිකිරීම සඳහා උපකරණ රැගෙන එක්සත් ජනපද හමුදා නෞකාවක් මැද පෙරදිග දෙසට යාත්‍රා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

එමෙන්ම ආධාර රැගත් නෞකාවක් සෙනසුරාදා වර්ජිනියා ප්‍රාන්තයේ හමුදා කඳවුරකින් යාත්‍රා කර ඇත්තේ එක්සත් ජනපදය මුහුදු මාර්ගයෙන් ගාසා තීරයට ආධාර ලබා ගැනීම සඳහා තාවකාලික වරායක් ඉදිකරන බව ජනාධිපති ජෝ බිඩෙන් ප්‍රකාශ කිරීමෙන් අනතුරුයි

ගාසා තීරයේ සාගතයෙන් දරුවන් කුසගින්නෙන් මිය යන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවා

කෙසේ වෙතත් ගොඩබිම සහ ගුවනින් ආධාර බෙදාහැරීම දුෂ්කර හා භයානක බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා

ඒ ලෝක ආහාර වැඩසටහනේ රථ පෙළට වෙඩි තැබීම්වලට හා කොල්ලකෑම්වලට ලක්වීමෙන් පසු බෙදාහැරීම් නතර කළ අතර පැරෂුටය නිසි ලෙස විවෘත කිරීමට නොහැකිවීමෙන් ආධාර පැකේජයක් වැටීමෙන් පසුගියදා පස් දෙනෙකු මිය යාම හේතුවෙනුයි.

Share This