අමෙරිකාවේ ප්‍රධාන වෙසක් උත්සවය ජනපති බයිඩන්ගේ ප්‍රධානත්වයෙන්

අමෙරිකාවේ ප්‍රධාන වෙසක් උත්සවය ජනපති බයිඩන්ගේ ප්‍රධානත්වයෙන්

2024 වසරේ අමෙරිකාවේ පවත්වන ප්‍රධාන වෙසක් උත්සවය ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධානත්වයෙන් ධවල මන්දිරයේදී සමරන බව වොෂින්ටන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරනවා.

පසුගියදා රැස්වීමක් පවත්වා මීට අදාළ යෝජනාව සම්මත කරගෙන ඇති බව සඳහන්.

මෙම අවස්ථාවට ධවල මන්දිරය, අමෙරිකාවේ ජාත්‍යන්තර බෞද්ධ සංගමය සහ වොෂින්ටන් ඩී. සී.හි තානාපති කාර්යාලය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින් එක්ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share This