ලොවම කම්පා කළ ගාසා යුද හඬ මැදින් මෙලොව එළිය දුටු කිරි සප්පයෝ

ලොවම කම්පා කළ ගාසා යුද හඬ මැදින් මෙලොව එළිය දුටු කිරි සප්පයෝ

2023 ඔක්තෝබර් 7 වනදා උදෑසන අමල් ඇලබද්ලා මව අවුරුදු 02ක් වයසැති නෝවා සමග ඇඳේ වැතිර සිටින විට යුද හඩින් අවදි වුණා.

හමාස් සංවිධානය ඊශ්‍රායලයට සිය ප්‍රහාරය දියත් කළේ දේශසීමාව හරහා රොකට් දහස් ගණනක් එල්ල කරමින්.

ඊශ්‍රායල ජෙට් ප්‍රහාරක යානා වැඩිකල් නොගොස් ප්‍රතිප්‍රහාර දියත් කිරීමට පටන් ගත්තා.

ඛාන් යුනිස් ප්‍රදේශය තුළ සිදුවන්නේ කුමක්දැයි අමල්ට තේරුම් ගියේ නැහැ.

මාස 18 ක් වයසැති නෝවාද අතැතිව ඇය මාස අටක ගැබිනියක් වූ අමල් කණස්සල්ලට හා බියට පත් වූවා.

ඒ නිසාම අධික ලෙස ඇයගේ ශරීරයෙන් ලේ ගලන්නට පටන් ගත්තා.

ඇයට රෝහලට යාමට අවශ්‍ය වුවත් ඇගේ සැමියා ගාසා නගරයෙන් පිටතට ගොස් සිටි බව සඳහන්.

පසුව කුලී රියදුරෙකු මාර්ගයෙන් අමල් රෝහලක් වෙත ගොස් තිබෙනවා.

වාස්තු විද්‍යාඥයකු වූ අමල් රෝහලට ගිය පසු වහාම සිසේරියන් සැත්කමක් සඳහා යොමු කිරීමටයි වෛද්‍යවරු කටයුතු කර ඇත්තේ.

පසුව අයගේ බිළිඳා වන මොහොමඩ් උපත ලැබුවේ ආපසු හැරවිය නොහැකි ලෙස වෙනස් වූ ලෝකයකයි.

එතැන් පටන් ඔහුගේ මව ඔහු සහ ඔහුගේ දෙහැවිරිදි සහෝදරයා ජීවත් කරවීමට දිනපතා සටනක නිරත වූ බව කියන්නේ හැඬු කඳුලින්.

ගාසා තීරයේ මිනිසුන්ගෙන් 90% ක් මෙන්ම, අමල් සහ ඇගේ පවුලේ අය මාස කිහිපයකින් සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර වේලක් ලබාගෙන නැහැ.

ළමුන්ගෙන් 90% ක් සහ ගර්භනී සහ කිරි දෙන කාන්තාවන්ගෙන් 95% ක් උග්‍ර ආහාර හිඟයකට මුහුණ දෙන උතුරු ගාසාවේ මෙම ගැටලුව දිනෙන් දින ඉහළ යන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This