පාර්ලිමේන්තුවට බොරු කියපු නිසා සිංගප්පූරුවේ විපක්ෂ නායක අමාරුවේ

පාර්ලිමේන්තුවට බොරු කියපු නිසා සිංගප්පූරුවේ විපක්ෂ නායක අමාරුවේ

සිංගප්පූරුවේ විපක්ෂ නායක ප්‍රීතම් සිංට පාර්ලිමේන්තු කමිටුවකට බොරු කී බවට චෝදනා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රීතම් සිං මහතා පාර්ලිමේන්තුවේදී බොරු කියූ ඔහුගේ පක්ෂයේ හිටපු නීති සම්පාදකයෙකු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඔහුට පක්ෂපාතිව බොරු කියූ නිසා මෙම චෝදනා ලබා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් විපක්ෂ නායක ප්‍රිතම් සිං එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර අද(19) අධිකරණයේ පෙනී සිටිමින් ඔහු කියා සිටියේ තමන් චෝදනාවලට එරෙහිව කටයුතු කරන බවයි.

මේ හේතුවෙන් විපක්ෂ නායකවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයද අහිමි විය හැකියි.

2021 අගෝස්තු මාසයේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී රයිසා ඛාන් එවකට කම්කරු පක්ෂයේ නීති සම්පාදකවරියක් වුවා.

මන්ත්‍රී රයිසා විසින් ඛාන් ලිංගික අතවරයකට ගොදුරුවූවෙකු සම්බන්ධයෙන් පොලිසිය වැරදි ලෙස හැසිරුණු බව කියා සිටි අතර ඇය පසුව එම කතාවේ සත්‍ය නොවන බව පිළිගත්තා.

බොරු කීම සහ පාර්ලිමේන්තු වරප්‍රසාද අනිසි ලෙස භාවිතා කිරීම හේතුවෙන් ඛාන් මහත්මියට දඩ නියම වූ අතර ඇය පක්ෂයෙන් ඉල්ලා අස්වී සිය මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පසුව පාර්ලිමේන්තු කමිටු විමර්ශනයක් අතරතුර, සිං මහතා සාක්ෂිකරුවෙකු ලෙස කැඳවා, ඛාන් මහත්මිය සමග කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දුන් බව සඳහන්.

එය සත්‍ය නොවන බව දැන සිටියද, සිං මහතා ඇයගේ කටයුත්ත දිගටම කරගෙන යාමට දිරිමත් කළ බවයි ඛාන් මහත්මිය පසුව ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාට එරෙහිව විමර්ශන ක්‍රියාත්මකයි.

Share This