පාකිස්ථානයට ඩොලර් මිලියන 1.1ක් මුදාහැරීමට IMF එකඟතාවයකට

පාකිස්ථානයට ඩොලර් මිලියන 1.1ක් මුදාහැරීමට IMF එකඟතාවයකට

පාකිස්ථානය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 1.1ක් මුදාහැරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණ තිබෙනවා.

අමෙරිකානු ඩොලර් මිලියන 3ක පැකේජයෙන් එම මුදල මුදාහැරීම සිදු කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් (Shehbaz Sharif) ගේ අලුතින් තේරී පත් වූ රජය අතර ඉස්ලාමාබාද්හි දින පහක සාකච්ඡාවලින් පසුව අදාළ එකඟතාවට පැමිණ තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ද නිවේදනයක් නිකුත් කර ඇති අතර අප්‍රේල් 11 වනදාට පෙර අදාළ මුදල ලැබෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This