ජපානයේ රාජකීය පවුල Instagram අතික්‍රමණය කරයි

ජපානයේ රාජකීය පවුල Instagram අතික්‍රමණය කරයි

1926 දී ජපන් අධිරාජ්‍යයා වූ හිරෝහිතෝ සිංහාසනයට පත් වූ විට මිලියන සංඛ්‍යාත ජපන් ජනතාව විසින් ඔහුට ජීවමාන දෙවියෙකු ලෙස ගෞරව කළා.

වසර 100 කට පමණ පසු, ලෝකයේ පැරණිතම සහ අඛණ්ඩ රාජාණ්ඩුව වන ඔවුන්ගේ ක්‍රියා කලාපය සැළකිය යුතු මට්ටමකට වෙනස් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

හිරෝහිතෝ අධිරාජ්‍යයාගේ මුණුපුරා වන නරුහිතෝ අධිරාජ්‍යයා වසර පහකට පෙර ඔහු බලයට පත් වූ පසු රටේ රාජකීය පවුල නූතන යුගයට ගෙන ඒමට පොරොන්දු වී තිබෙනවා.

ඒ අනුව 21 වන සියවසට ගැළපෙන පියවරක් තබමින් ඔවුන් Instagram හා සම්බන්ධ වුණා.

මෙම පියවර ගෙන ඇත්තේ බ්‍රිතාන්‍යයේ රාජකීයයන් ප්‍රථමවරට සමාජ මාධ්‍ය වෙත පිවිසීමෙන් වසර 15කට පමණ පසුවයි.

මෙම රාජකීය පවුල ඩිජිටල් යුගයට සම්පූර්ණයෙන් සම්බන්ධ නොවූ අවසාන කැපී පෙනෙන රාජකීය පවුල විය හැකි බවයි සමාජ මාධ්‍ය විශ්ලේෂක ඇන්ඩෲ හියුස් සඳහන් කරන්නේ.

ඒ අනුව දින තුනක් තුළ අධිරාජ්‍ය පවුලේ @kunaicho_jp ලෙසින් සඳහන් කර ඇති Instagram ගිණුම සමග පරිශීලකයන් 625,000ක් සම්බන්ධ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This