සහන කණ්ඩායම් වැඩ නවතා ඇති නිසා ගාසා වැසියන් අනතුරේ

සහන කණ්ඩායම් වැඩ නවතා ඇති නිසා ගාසා වැසියන් අනතුරේ

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් සහන සේවකයන් හත් දෙනෙකු ඝාතනයට ප්‍රතිචාර වශයෙන් World Central Kitchen (WCK) සිය මෙහෙයුම් නවතා දමා තිබෙනවා.

සහන සේවකයන්ගේ මෙහෙයුම් නතරවීමෙන් පසු ගාසා තීරයේ බොහෝ පලස්තීනුවන් අහාර සපයා ගැනීමට නොහැකිව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

WCK සමග එක්ව වැඩ කරන තවත් එක්සත් ජනපද පුණ්‍යායතනයක් වන ඇනෙරා ද එහි ප්‍රාදේශීය කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල් මුහුණ දෙන අවදානම් වැඩිවීම නිසා වැඩ අත්හිටුවා තිබෙනවා.

ඔවුන් එක්ව පලස්තීන භූමි ප්‍රදේශය පුරා සතියකට ආහාර මිලියන දෙකක් පමණ ලබා දෙමින් සිටි අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා ඇත්තේ බිඳවැටීම් හේතුවෙන් ව්‍යසනකාරී තත්ත්වයක් හටගෙන ඇති බවයි.

Share This