රුසියානු ගුවන් යානා හයක් යුක්‍රේනය විනාශ කරයි

රුසියානු ගුවන් යානා හයක් යුක්‍රේනය විනාශ කරයි

යුක්‍රේනය දකුණු රුසියාවේ රොස්තොව් ප්‍රදේශයේ ගුවන් කඳවුරකදී රුසියානු ගුවන් යානා හයක් ඩ්‍රෝන ප්‍රහාරයක් මගින් විනාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තවත් ගුවන් යානා අටකට දැඩි ලෙස හානි සිදුවී ඇති අතර එහි සිටි සේවා නිලධාරීන් 20 දෙනෙකුට එම ප්‍රහාර නිසා ජීවිත අවදානමක්ද එල්ල වූ බව ආරක්ෂක ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මෙම ප්‍රහාර නිසා නිසා කිසිවෙකුත් තුවාල ලබා නැහැ.

ගුවන් තොටුපළේ ප්‍රහාරයක් පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් රුසියාවෙන් මෙතෙක් කිසිදු තොරතුරක් ප්‍රකාශයට පත්කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

යුක්‍රේනයට මායිම්ව පිහිටි කලාපයට ඩ්‍රෝන යානා 40කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති බව රුසියානු බලධාරීහු පවසනවා.

රුසියානු හමුදා විශ්ලේෂක Pavel Aksyonov පවසන්නේ කෙටි කාලයක් තුළ මෙතරම් ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළහොත් රුසියාවට යුක්‍රේනයේ ගුවන් ආරක්‍ෂාව යටපත් කළ හැකි බවයි.

Share This