ෆ්ලොරීඩා හි සාප්පු සංකීර්ණයක වෙඩි තැබීමක්

ෆ්ලොරීඩා හි සාප්පු සංකීර්ණයක වෙඩි තැබීමක්

ෆ්ලොරීඩා හි මියාමි නගරයේ සාප්පු සංකීර්ණයක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම අවස්ථාවේ දී වෙඩික්කරු සහ ආරක්ෂක නිලධාරීන් අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇති අතර එහිදී වෙඩික්කරු මියගොස් තිබෙනවා.

එමෙන්ම වෙඩි තැබීමෙන් සාප්පු සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියෙකු ද තුවාල ලබා ඇති බව සඳහන්.

කෙසේවෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Share This