බ්‍රිතාන්‍යයේ අවලංගු වූ ගුවන් ගමන්

බ්‍රිතාන්‍යයේ අවලංගු වූ ගුවන් ගමන්

බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබෙනවා.

“කැත්ලීන්” කුණාටුවත් සමග පවතින තද සුළං තත්ත්වය සහ උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් එරට ගුවන් ගමන් මෙලෙස අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව බ්‍රිතාන්‍ය තුළ ගුවන් ගමන් 140ක් පමණ අවලංගු කර තිබෙනවා.

සුළං තත්ත්වය හේතුවෙන් එංගලන්තයේ වයඹ හා නිරිත දිග ප්‍රදේශවලට සහ උතුරු අයර්ලන්තය, ස්කොට්ලන්තය හා වේල්සය යන කලාප සඳහා ද දැඩි බලපෑම් එල්ල වී ඇති බව සඳහන්.

Share This