කොටුව ජනාධිපති මන්දිරය අසළ මාර්ගය ජනතාවට විවෘත කෙරෙයි

කොටුව ජනාධිපති මන්දිරය අසළ මාර්ගය ජනතාවට විවෘත කෙරෙයි

මෙතෙක් මාර්ග බාධක යොදා වසා තිබූ කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශයේ මාර්ග ජනතා පරිහරණයට විවෘත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී තිබෙනවා.

ජනාධිපති මන්දිරය සහ අවට ප්‍රදේශය මෙතෙක් අධි ආරක්‍ෂිත කලාපයක් ලෙස නම් කර වසා දමා තිබූ අතර ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එම සියලු මාර්ග බාධක ඉවත් කර වසර ගණනාවකට පසු එම ප්‍රදේශය ජනතා පරිහරණයට විවෘත කර ඇති බව සඳහන්.

ඒ අනුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මාවත මහජන පරිහරණයට විවෘත වී තිබෙනවා.

Share This