
තලවතුගොඩ අලුයම වෙඩි තැබීමක්
තලවතුගොඩ සාමාජ ශාලාවකින් පිටතටදී අද (19) අලුයම ව්‍යාපාරිකයෙකු හා සුරාබදු නිලධාරියෙකු තර ඇති වූ බහින් බස්වීමක් දුර දිග යාමෙන් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
අදාල සිද්ධිය සිදුවූ අවස්ථාවේ ඇති වූ ආරවුලක් නිසා ව්‍යාපාරිකයා විසින් තමා සතුව තිබූ බලපත්‍ර සහිත රිවෝල්වර වර්ගයේ ගිනි අවිය සුරාබදු නිලධාරියා වෙත එල්ල කර තිබෙනවා.
එහිදී සුරාබදු නිලධාරියා ඔහුගෙන් එම ගිනි අවිය උදුරාගෙන අසල පිහිටි තාප්පයක් වෙත උණ්ඩ 04ක් එල්ල කර ඇති බව සඳහන්.
තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් එම උණ්ඩ සහිත රිවෝල්වර ගිනි අවිය හා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධියෙන් කිසිවෙකුටත් ජිවිත හානියක් සිදුවී නොමැති අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් තලංගම පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.