සුනඛයාගේ ආදරය හාම්පුතාව රෝහලට යවයි

සුනඛයාගේ ආදරය හාම්පුතාව රෝහලට යවයි

බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල සේනපුර ප්‍රදේශයේදී මාර්ගය හරහා මාරුවීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු යතුරුපැදියක ගැටී අද දහවල් අනතුරට පත්ව තිබෙනවා.

අනතුරින් තුවාල ලද පුද්ගලයා වම් මං තීරුවේ සිට ප්‍රතිවිරුද්ධ දෙසට මාර්ගය හරහා මාරුවීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දිසාවේ සිටි මෙම පුද්ගලයා ආදරයට ඇති දැඩි කරන සුනඛයා ඉදිරියට පැමිණීමත් සමග එය වැළැක්වීමට ඔහු පසුපසට යාමේදී වැල්මිල්ල සිට කැස්බෑව දෙසට ගමන් ගත් යතුරු පැදියක ගැටී තිබෙනවා.

අනතුර සිදුවන ආකාරය අසල සවිකර තිබූ සීසී ටීවී කැමරාවක සටහන්ව තිබුණා.

තුවාල ලද පුද්ගලයා 65 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්.

අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share This