තේ කර්මාන්තය නැංවීමේ පස් අවුරුදු සැලැස්මක්

තේ කර්මාන්තය නැංවීමේ පස් අවුරුදු සැලැස්මක්

තේ කර්මාන්ත ශාලාහිමියන්ගේ සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීම ඊයේ කෝට්ටේ ජයවර්ධනපුර හෝටලයක දී පැවැත් වුණා.

ඒ වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න , කර්මාන්ත අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති යන මහත්වරැනගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදි අදහස් දැක්වු වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ හොද ව්‍යාපාරිකයක් බිහිකර ගැනීමට නම් නම් හොද පාලනයක් බිහි විය යුතු බවයි.

දැන් රටෙි නීතිය සැමට සමානවීම නිසා විශ්වාසයෙන් යුතුව කර්මාන්තයක් ආරම්භ කිරීමේ අවස්ථාව හිමිවී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මෙරට තේ කර්මාන්තය සදහා ප්‍රතිපත්ති රාමුවක් ඇතුලත් ක‍ර අපි 2030 වන විට තේ කර්මාන්තයෙන්ව ඩො .මි 2.5 ක අදායමක් ඉපයීමට සැලසුම් කර ඇතයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සදහන් කළා.

 

 

Share This