
තමන්ගේ ඉල්ලා අස්වීම ගැන පැතිරී යන කටකතා ගැන කණගාටුවන බව ජාතික විද්‍යාපදනමේ හිටපු සභාපති ගෙන් ප්‍රකාශයක්
ජාතික විද්‍යා පදනමේ සභාපති ලෙස තමන්ගේ ඉල්ලා අස්වීම විවිධ මාධ්‍ය සහ පුද්ගලයින් අර්ථකථනය කරන ආකාරය දැකීම කනස්සල්ලට කරුණක් බව ජාතික විද්‍යා පදනමේ හිටපු සභාපති මහාචාර්ය සමන් සෙනේවීර මහතා පවසනවා.
තමන් එම තීරණය ගත්තේ රජය හෝ පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලය ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය සඳහා හෝ වෙනත් දෙයක් සඳහා වැඩ කිරීමට මට බල කළ නිසා බවට පැතිරෙන ප්‍රචාරය තරයේ ප්‍රතික්ෂේප කරන බව සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් පවසනවා.
අදාළ අමාත්‍යවරයා යම් යම් කාරණා සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් තමන්ට යම් යම් ගැටළු ඇති වූ බව සත්‍යයක් නමුත් මෙම තීරණය තනිකරම තමන්ගේම තීරණයක් මිස මේ සඳහා කිසිවෙකුගෙන් කිසිදු මැදිහත්වීමක් නොමැති බව ද සදහන් කරනවා.
ඔහු පෙන්වා දෙන්නේ මෙය තමන් ඇතුලු පිරිසක් දශක ගණනාවක් තිස්සේ බලා සිටි රජය වන අතර රජය තමන්ගෙන් අපේක්ෂා කරන ඕනෑම අවස්ථාවක සේවය ලබා දීමට මම සූදානමින් සිටින බව ද අවධාරණය කරන බවයි.
