
කාන්තාවක් පැදවූ යතුරු පැදිය මෝටර් රථයේ ගැටී අනතුරක්
කහතුඩුව, රිලාවල හන්දියේදී කාන්තාවක් පැදවූ මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදිකරු තුවාල ලබා තිබෙනවා.
කහතුඩුව පොලිසිය පැවසුවේ කිරිගම්පමුණු අතුරු මාර්ගයේ සිට හොරණ – කොළඹ ප්‍රධාන මාර්ගය වෙත මෝටර් රථයක් ප්‍රවේශ වීමේ දී කොළඹ දෙස සිට පැමිණි යතුරු පැදිය මෝටර් රථයේ ගැටී මෙම අනතුර සිදුවන ආකාරය ඒ අසල තිබූ සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබුණා.
සිදුවූ අනතුර යතුරුපැදිකරුගේ අපරීක්ෂාකාරී රියධාවනය හේතුවෙන් සිදුවී ඇති බවයි පොලීසිය පැවසුවේ.
