තලාව ප්‍රාදේශිය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරු පාර දෙපස ගස් කපලා…

තලාව ප්‍රාදේශිය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරු පාර දෙපස ගස් කපලා…

එප්පාවල – තඹුත්තේගම ප්‍රධාන මාර්ගයේ දෙපස පිහිටි අනතුරුදායක ගස් හා ගස් අතු ඉවත් කිරීම අද (20) තලාව ප්‍රාදේශිය සභාවේ මූලිකත්වයෙන් සිදු කෙරුණා.

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් , පුනරුද පුරවර 2025 පළාත් පාලන සතියට සමඟාමීව තලාව ප්‍රාදේශිය සභාව මගින් මහජන උපයෝගීතා දිනයට සමඟාමීව මෙලෙස එප්පාවල – තඹුත්තේගම මාර්ග⁣ය දෙපස පිහිටි අනතුරුදායක ගස් හා ගස් අතු ඉවත් කිරීම සිදු කෙරුණා.

මෙම අවස්ථාව⁣ට තලාව ප්‍රාදේශිය සභා සභාපති කරුණාදාස දිසානායන මහතා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියා.

එම මාර්ගය දෙපස ඉතා පැරණි රූස්ස මාර ගස් රැසක් පවතින අතර, එම ගස් මාර්ගය ඉදිකිරීම ආරම්භයේ සි⁣ට පැවති ගස් බවත් ප්‍රදේශයේ වැඩිහිටියන් පවසනවා.

එම ගස් රැසක් මේ වන විට දිරාපත් වෙමින් පවතින අයුරු මෙන්ම ඇතැම් ගස් වල අතු මාර්ගය දෙසට අනතුරුදායක ලෙස වැඩී තිබී ඇත්තේ කලක පටන්.

මෙම ගස් වල ගැටී පසුගිය කාලයේ අනතුරු රැසක්ද සිදු වූ අතර, ආසන්නතම සිදුවීමක් ලෙස පොස්පේට් පැටවු ලොරි රථයක් මාර්ගයට නැමී ඇති ගසක ගැටී මාර්⁣ගයෙන් ඉවතට පෙරළි ගොස් අනතුරක්ද සිදු වුණා.

මෙම අනතුරු සැලකිල්ලට ගනිමින් මාර්ගයේ දෙපස ඇති අනතුරුදායක ගස් හා ගස් අතු ඉවත් කිරීම මෙලෙස තලාව ප්‍රාදේශිය සභාව, විදුලි බල මණ්ඩලය, දැව සංස්ථාව, එප්පාවල පොලීසිය ඇතුළු රාජ්‍යය ආයතන කීපයක දායකත්වයෙන් සිදුවුණා.

 

 

Share This