පියාගේ ඇඳ පොලු පහරින් මතට ඇබ්බැහි වූ පුතා මරුට

පියාගේ ඇඳ පොලු පහරින් මතට ඇබ්බැහි වූ පුතා මරුට

දේවාලේගම පොලිස්වසමේ, බටුවත්ත අක්කර කාල ප්‍රදේශයේ පියා විසින් ඇඳ විට්ටමකින් පහර දීමෙන් බරපතල තුවාල ලැබු අවුරුවු 35 වයසැති පුතකු එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.

මිය ගිය පුද්ගලයා තදින් හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී ඇති අයකු බවත්, දෛනිකව මවගෙන් සහ පියාගෙන් රුපියල් 2000/= බැගින් ඉල්ලා කරදර කරන බවත් පොලීසියට පියා පවසා තිබෙනවා.

පොලීසිය පවසන්නේ එම සිද්ධීන් සම්බන්ධයෙන් ඇතිවු ගැටුමක් ලෙසින් මෙම පහරදීම සිදුව ඇති බවයි.

මියගිය පුද්ගලයාට පහර දෙන විට එය වැලක්වීම සඳහා ඔහුගේ මව මැදිහත් වි ඇති අතර ඒ මොහොතේ ඇයගේ හිසටද පහරක් වැදීමෙන් ඇය කෑගල්ල මහ රෝහලට ඇතුලත් කර ඇතැයි දේවාලේගම පොලීසිය පැවසුවා.

Share This