කකුල් කඩාගත් කදුකර කොටියකුට පශූ වෛද්‍ය ප්‍රතිකාර

කකුල් කඩාගත් කදුකර කොටියකුට පශූ වෛද්‍ය ප්‍රතිකාර

ගල් කොරියකින් පහළට වැටී තුවාල ලබා සිටි කදුකර කොටියෙකු දැඩි පරිශ්‍රමයක් දරා මුදා ගෙන තිබෙනවා.

ගොදුරක් පසුපස හබා ගිය කදුකර කොටියෙකු ගල් කොරියකින් පහළට වැටී තුවාල ලබා ගල් කොරියේ වතුර වළක් මත වැටී සිටියදි මුදා ගැනීමට වන ජීවි නිළධාරින් අද (20) දින සමත් වුණා.

ආගරපතන පොලිස් වසමට අයත් හෝල්බෘෘක් ප්‍රදේශයේ ගල්කොරියක අඩි 60ක් පමණ ඉහළ සිට පහළට වැටී කදුකර කොටියා වැටී තුවාල ලබා සිිටියදී ගල්කොරියේ අයිතිකරු විසින් ඒ බව ආගරපතන පොලිසිය මගින් නුවරඑලිය වනජීවි කාර්යාලය දැනුවත් කර තිබෙනවා.

රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ ‍වෛද්‍ය අකලංක පිණිදිය මහතා එම ස්ථානයට පැමිණ තුවාල ලබා වතුර වලක වැටී සිටි කදුකර කොටියා කූඩුවක් යොදා අල්ලා ගෙන ප්‍රතිකාර ලබාදීම සදහා උඩවලව පශු වෛද්‍ය රෝහල වෙත යැවීමට පියවර ගෙන තිබුණා.

ගල් කොරියේ ඉහළ සිට පහළට වැටුණු කොටියාගේ පසුපස පාදවලට දැඩි ලෙස තුවාල සිදු වී ඇති බව පශු වෛද්‍ය අකලංක පිණිදිය මහතා පැවසුවා.

 

Share This