ගුවන්තොටුපොළ ආගමන විගමන දේශසීමා පරිගණක පද්ධතියේ බිඳ වැටීමක්

ගුවන්තොටුපොළ ආගමන විගමන දේශසීමා පරිගණක පද්ධතියේ බිඳ වැටීමක්

කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ, පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්තවල ස්ථාපිත කර තිබෙන දේශසීමා පරිගණක පද්ධතිය අක්‍රිය වී ඇතැයි වාර්තා වනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තු ාඅරංචි මාර්ග පැවසුවේ අද (20) පස්වරු 01.45යේ සිට පරිගණක පද්ධතිය අක්‍රිය වී ඇති බවයි.

ශ්‍රී ලංකාවේ මෙම පරිගණක පද්ධතිය වසර 08 ක කාළයක සිට පෞද්ගලික සමාගමක් විසින් ස්ථාපිත කර නඩත්තු කර ගෙන යමින් පවතින බව සදහන්.

මෙම පද්ධතිය සෑම මසකම කිහිපවරක් මේ ආකාරයට අක්‍රිය වන බවත් බොහෝ දිනවල පස්වරුවේ මෙම පද්ධතිය මන්දගාමීවීම ඇති වන බවත් ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කළා.

යුරෝපයේ සහ අනෙකුත් රටවල ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධති වෙතද ” සයිබර් ප්‍රහාරයක්” එල්ල වී ඇති බවට තොරතුරු ද අනාවරණය වෙමින් පවතිනවා.

 

Share This