
“නින්නාද” අන්තර් පාඨශාලීය මාධ්‍ය තරඟාවලිය
කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ජන මාධ්‍ය කවය මගින් 20 වන වරටත් සංවිධානය කළ “නින්නාද” අන්තර් පාඨශාලීය මාධ්‍ය දින තරඟාවලිය පසුගියදා පාසල් 200කට අධික සංක්‍යාවක සිසු සිසුවියන් 2500කගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා.
මෙවර “නින්නාද” 20 වැනි සංවත්සරයද යෙදී තිබූ අතර තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වුණේ අරලිය ගහ මන්දිරයේදී.
එහි ප්‍රධාන ආරාධිතයා ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහභාගීවුණා.
සමස්ත තරඟාවලියෙහි ශූරතාවය මහනුවර මහමායා බාලිකා විද්‍යාලය විසින් හිමිකරගත් අතර අනුශූරතාවය හිමිකර ගැනීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට හැකිවුණා.
මේ අතර වසරේ ජනප්‍රියතම පාසල් මාධ්‍ය ඒකකය ලෙස කොළඹ කයිරියා බාලිකා විද්‍යාලයෙහි මාධ්‍ය ඒකකය තේරී පත්වුණා.
වසරේ විශිෂ්ටතම පාසල් මාධ්‍ය පෞරුෂයට හිමි R.I.T. අලස් අනුස්මරණ කුසලානය හිමිකර ගත්තේ ගම්පහ බන්ඩාරනයක විද්‍යාලයෙහි අරිත දෙව්වින්.



