
“විද්‍යා හැකතන්” තරගාවලියේ සම්මාන පිරි නැමේ
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සංවිධාන කළ ජාතික විද්‍යා සතියේ එක් වැඩසටහනක් ලෙස එම අමාත්‍යාංශය කැලණිය විශ්වවිද්‍යාලයේ කාර්මික හා පරිපාලන අධ්‍යනාංශය සමඟ එක්ව ක්‍රියාත්මක කළ විද්‍යා හැකතන් තරගාවලියේ (Hackathon Series) අවසන් තරග ඊයේ (11) බත්තරමුල්ල, වෝටර්ස් ඒජ් හිදී දී පැවත් වුණා.
එහි සම්මාන ප්‍රධානය සිදුකෙරුණේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.
ලබා දෙන ලද යම් නිෂ්චිත කාල සීමාවක් තුළ සමාජයේ ගැටළුවකට නව විසඳුමක් ඉදිරිපත් කිරීම Hackathon තරගාවලියක ස්වභාවයයි.
ඒ ආකාරයට ශ්‍රී ලංකාවේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සැඟවුණු නවෝත්පාදන අදහස් ඉස්මතු කිරීමට HackXJr 8.0 තරඟ අංශයත්, අන්තර්-විශ්වවිද්‍යාල සිසුන්ගේ නිර්මාණශීලිත්වය ඉස්මතු කිරීමට HackX10.0 තරඟ අංශයත් වශයෙන් සමාජයේ හඳුනාගත් ගැටලු සඳහා නවෝත්පාදන විසඳුම් ඉදිරිපත් කිරීමට වේදිකාවක් සලසමින් මෙම Hackathon තරගාවලිය ක්‍රියාත්මක කෙරුණා.
මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන අමත්‍යවරයා, මෙසේ ප්‍රකාශ කළේය.
” තරුණ පරපුරේ මෙම නව අදහස් නිෂ්පාදන බවට පත්කර වෙළඳපොළ ළඟා කරදීමට අවශ්‍ය සහය අපි වගකීමෙන් බැඳී සිටිනවා. රටේ අනාගත අභිවෘද්ධිය උදෙසා මෙවැනි දක්ෂ දූ දරුවන් වැඩි වශයෙන් බිහිකිරීමට අප අමාත්‍යාංශය නිරන්තරයෙන් කැපවී සිටිනවා. ඒ සඳහා අපි ක්‍රියාත්මක කරන පාසල් නවෝත්පාදන සමාජ පිහිටුවීමේ වැඩසටහනත්, විශ්ව විද්‍යාල ආශ්‍රිතව Technology Incubation පිහිටුවීමේ වැඩසටහනත් ඉතා වැදගත් වෙනවා.”
මෙම තරගාවලියට මූලික වටයේ දී ඉදිරිපත් වූ නිර්මාණ දීර්ඝ හා ගැඹුරු ඇගයීම් ක්‍රියාවලියකට ලක්කර ඒ තුළින් එක් එක් අංශයෙන් නිර්මාණ 33 බැගින් තරග, අර්ධ අවසන් පූර්ව වටයට තෝරාගත් අතර, එම නිර්මාණ අතරින් 15 බැගින් ඊයේ (11) අවසන් වටයට ඉදිරිපත් කෙරුණා.
ඒ අනුව HackXJr. 8.0. තරඟාවලියේ ප්‍රථම ස්ථානය ගා/ කිරිපැද්ද කණිෂ්ඨ විද්‍යාලය නියෝජනය කළ Cinna Tech Five දිනාගත් අතර, පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථාන ගම්පහ, උරාපොල මධ්‍ය විද්‍යාලයේ Future X කණ්ඩායමත්, රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසලේ Lunaris කණ්ඩායමත් දිනාගත්තා.
HackX 10.0 තරඟාවලියේ ප්‍රථම ස්ථානය කැලණිය විශ්වවිද්‍යාලයේ Hydrotech කණ්ඩායමත් දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් කැලණිය විශ්වවිද්‍යාලයේ Itself කණ්ඩායමත්, Nebula Institute of Technology හි Codex කණ්ඩායමත් දිනාගත් අතර ජයග්‍රාහී කණ්ඩායම් අමාත්‍යවරයා අතින් සම්මාන ලබාගත්තා.
කොන්ගො දේශයේ ප්‍රභූ නියෝජිතයින් පිරිසක් ඇතළු විදේශීය නියෝජිතයින් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
