
අයවැය දෙවන වර කියවීමේ ඡන්දය අද
අද සවස 2026 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම සිදු කෙරෙනවා.
ඒ අනුව අද පස්වරු 06.00ට ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතයි.
කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් අයවැය තුන්වන වර කියවීමේ විවාදය හෙට සිට දෙසැම්බර් මස 5 වැනිදා දක්වා පැවැත් වෙනවා.
අයවැය තුන්වන වර කියවීම, අවසන් වර ඡන්ද විමසීම දෙසැම්බර් 5 සවස 06.00ට සිදු කිරීමටයි නියමිතයි.
