
මාලිමාවේ ඌවපරණගම අයවැය පරාදයි
මාලිමාවට බලය හිමි ඌවපරණගම ප්රාදේශීය සභාවේ අයවැය අද (14) දින පරාජයට පත්ව තිබෙනවා.
ඌව පරණගම ප්රාදේශීය සභාවේ සභාපති දිනදාස රත්නායක විසින් අයවැය ඉදිරිපත් කර ඇති අතර, එහිදී අයවැයට පක්ෂව ජාතික ජන බලවේගයේ සභිකයින් 20 දෙනාම ඡන්දය ලබාදී තිබුණා.
එහෙත් වැඩි ඡන්ද 1කින් ඌවපරණගම ප්රාදේශීය සභාවේ අයවැය ආණ්ඩුව පරාජයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී අයවැයට විපක්ෂව එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, පොදුජන එක්සත් පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ, සර්වජන බලවේගය හා පෙරටුගාමී පක්ෂය සිය ඡන්දය භාවිත කර තිබු බව අප වාර්තාකරු පැවසුවා.
