
නොරොච්චෝල පොලිස් ස්ථානාධිපති, මත් ජාවාරම්කරුවන් සමඟ මොකද කළේ? පොලිස්පති නියමයෙන් විමර්ශනයක්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ල වූ නොරොච්චෝල පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
නොරොච්චෝල පොලිසියේ ස්ථානාධිපති රවී පද්මකුමාර මහතා එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වමින් එම ජාවාරම්වලට ආධාර අනුබල දෙන බවට පසුගිය දින කිහිපයේදීම චෝදනා එල්ල වුණා.
නොරොච්චෝල ස්ථානාධිපතිවරයා අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සිදුකළ බව කියන හඬපට කිහිපයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස සංසරණය වුණා.
ඒ අනුව අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු සමඟ පැවැත්වූ බව කියන දුරකථන සංවාද කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පසුබිමකයි මෙම විමර්ශන කටයුතු ආරම්භ කර ඇත්තේ.
