එතෙරින් ලැබෙන සහනාධාර රේගුවෙන් මුදාහැරීමට සරල කරන ලද ක්‍රමවේදයක්

එතෙරින් ලැබෙන සහනාධාර රේගුවෙන් මුදාහැරීමට සරල කරන ලද ක්‍රමවේදයක්

ආපදා තත්වය නිසා විපතට පත් ජනජීවිත නැවත යථාතත්වයට පත්කිරීම සඳහා එතෙරින් ලැබිය හැකි සහනාධාර රේගු බදු හා අනෙකුත් බදු වලින් තොරව මුදා හැරීමට සරල කළ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා රේගුව විසින් මුදල් අමාත්‍යංශයේ අනුමැතිය සහිතව සකසා තිබෙනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ යම් පුද්ගලයකු හෝ සංවිධානයක් මෙම ක්‍රමය යටතේ ආධාර ලබා දීමට බලාපොරොත්තු වන්නේ නම් පහත පියවරයන් අනුගමනය කරන ලෙසයි.

1. පළමුව ශ්‍රී ලංකා රජය හදිසියේ බලාපොරොත්තු වන භාණ්ඩ පිළිබඳ අවබෝධයක් පහත දැක්වෙන සබැඳිය ඔස්සේ අන්තර්ජාලයෙන් ලබාගන්න.
(මෙය විදේශ කටයුතු අමාත්‍යංශයේ වෙබ් පිටුවයි)

https://mfa.gov.lk/en/wp-content/uploads/2025/11/Emergency-Responce-Unit.pdf

2. ⁠භාණ්ඩ ගුවන් හෝ මුහුදු මගින් එවිය හැක. බදු රහිතව භාණ්ඩ නිදහස් කරගැනීමට නම් ඒවායේ ආනයනකරු ලෙස “ලේකම්, ආරක්ෂක අමාත්‍යංශය, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය, විද්‍යා මාවත, කොළඹ 07” සඳහන් විය යුතුයි.

3. ⁠එසේම යම් විදේශීය රජයක් විසින් එහි ලංකාවේ තානාපති කාර්යාලයට සෘජුවම එවන භාණ්ඩ ද එලෙස මුදාගත හැකියි.

4. ⁠එහෙත් ලංකාවේ විවිධ සංවිධාන හෝ පුද්ගලයන් නමට ලැබෙන ආධාර, සාමාන්‍ය ආනයන මෙන් අදාල සියළු බදු වලට යටත් වේ.

5. ⁠කවරෙකු විසින් ආනයන කළ ද (බදු රහිතව වුව ද) එම භාණ්ඩ රටේ බල පවත්නා නියාමනයන්ට යටත් වේ.

6. ⁠මේ සම්බන්ධව වැඩි දුර විස්තර දැන ගැනීමට රේගු වෙබ් අඩවියට පිවිසෙන්න.

https://www.customs.gov.lk/wp-content/uploads/2025/12/Relief-Consignment-Clearance.pdf

7. ⁠ඔබට ශ්‍රී ලංකා රේගුව, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය හෝ විදේශ කටයුතු අමාත්‍යංශය සම්බන්ධ කරගැනීමට අවශ්‍ය තොරතුරු ද එයින් ලබා ගත හැකියි.

8. ⁠හදිසියේම අවශ්‍ය ද්‍රව්‍ය අතර මෙගා ෆෝන්, මුදාගැනීමේ කඹ, නැවත රෝපණය කළ හැකි විදුලි පන්දම්, බේරාගැනීමේ ටියුබ්, ආරක්ෂිත හෙල්මට්, ජලයේ ගිල්වන ජල පොම්ප, අශ්ව බල 40ට වැඩි බෝට්ටු එන්ජින්, විදුලි කියත්, ජෙනරේටර, බූට්ස්, ජීවිතාරක්ෂක කබා, ජංගම වැසිකිලි, කුඩා එක්ස්කැවේටර් යන්ත්‍ර සහ යූරියා, TSP, MOP වැනි පොහොර ආදිය වෙයි.

Share This